සෞදියේ විපතට පත් ලාංකිකයන් 40ට රු. ලක්ෂ 564ක වන්දි
සෞදි අරාබියේදී විවිධ දුෂ්කරතාවලට මුහුණදුන් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 40 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 564 ක මුදලක් පිරිනැමීම ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී, සාමාන්‍යාධිකාරී දේවප්‍රිය ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.
එම ශ්‍රමිකයින් සඳහා නිසිකලට, නිසි ලෙස නොගෙවූ වැටුප් සහ දීමනා ලෙස සෞදි රියාල් 639,381.00 ක් (රුපියල් ලක්ෂ 569) ලබාගෙන ඔවුන් වෙත පිරිනමන ලදී. 2026 වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් 11 දින දක්වා ගතවූ කාලය තුළ සෞදි අරාබියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ රැකී රක්ෂා හා කම්කරු සුභසාධන අංශය මගින් සිදුකරන ලද නීත්‍යානුකූල මැදිහත්වීම්, මෙහෙයුම් හා මුදාගැනීම් මගින් මෙම මුදල ලබාගෙන නීතිවිරෝධි ලෙස රඳවාගෙන සිටින ශ්‍රි ලාංකික ශ්රමිකයින්ද, මුදවාගෙන ශ්‍රි ලංකාවට පිටත්කිරීමට කටයුතු කර තිබේ.
එසේම ඔවුන්ට හිමිවිය යුතු මුදල්ද ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත එවන ලද අතර, ඒ අනුව රුපියල් ලක්ෂ 569 ක් වූ ඔවුන්ගේ හිමිකම් අද දින ඔවුන් වෙත ප්රදානය කරන ලදී.
රියාද් තානාපති කාර්යාලයේ රැකී රක්ෂා හා කම්කරු සුභසාධන අංශයේ උපදේශක මංගල රන්දෙනිය මහතා ඇතුළු නිළධාරීන් සෘජුව මැදිහත්වී සේවා යෝජකයින් සමඟ සාකච්ඡා කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් මෙම මුදල් ලබාගැනීමට හැකිවී තිබේ.
ඊට අමතරව, ප්‍රමාද වූ හෝ නොගෙවූ වැටුප් සහ සේවායෝජකයින් විසින් ගෙවිය යුතු අනෙකුත් රැකියා සම්බන්ධ ගෙවීම් පිළිබඳ පැමිණිලි විසඳීම සඳහා ද කාර්යාංශයේ නිරන්තර මගපෙන්වීම හා උපදෙස් මත තානාපති කාර්යාලයේ කම්කරු හා සුභසාධන අංශය සෘජුවම අවස්ථා ගණනාවකදී මැදිහත් වී තිබේ. එසේම ඉදිරියේදීද මෙවැනි ගැටළු සම්බන්ධව කටයුතු කිරීමටද කාර්යාංශය විසින් උපදෙස් ලබාදී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
